23.6 C
Galle

අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි

Published:

පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (03) සවස මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. අද ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඔහු කීවේය.

දැනට සිටින කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වී හෝ නැතිනම් විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කළ බව ද ඊට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාර ලැබුණු බව ද විමල්වීරවංශ හිටපු අමාත්‍යවරයා පවසයි.

එම ආණ්ඩුවේ අමාත්‍යධූර සංඛ්‍යාව ඉතා සීමා සහිත වනු ඇති බවත් නිශ්චිත කාලයක් පමණක් ආණ්ඩුව පවත්වාගෙන ගොස් අනතුරුව මහ මැතිවරණයක් සඳහා රට යොමු කරවනු ඇතැයි ද ඔහු පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!