24.5 C
Galle

කිසිම හේතුවක් නිසා ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ඉල්ලා අසවන්නේ නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමට කිසිදු හේතුවක් නොමැති බවත්, එවැනි දෙයක අවශ්‍යතාවක් නොමැති බවත් අද රටේ පවතින තත්වය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

හෙතෙම කියා සිටියේ මැර දේශපාලනයට ඉඩක් නොදෙන බවයි. එමෙන් ම ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!