25.8 C
Galle

ඉන්දීය යාචකයකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

Published:

ඉන්දියාවේ තූතුකුඩි ආලන්කිනාරු ප්‍රදේශයේ පදිංචිව සිටින යාචකයකු ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහ ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් 20,000.00ක මුදල් ආධාරයක් පිරනැමීමට ඉදිරිපත්ව තිබේ.

පූල්පාණ්ඩියන් නමැති ඔහු සිඟාකෑමෙන් උපයා ගන්නා මුදල් විවිධ දේ සඳහා පරිත්‍යාග කර ඇත්තෙකි. මීට පෙර කොරෝනා වයිරසය මර්ධනය කිරීමේ කටයුතු සඳහා ඉන්දියාවේ මදුරෙ‍යි දිස්ත්‍රික් පරිපාලනයට ඉන්දියානු රුපියල්10,000.00ක් පිරිත්‍යාග කිරීමට ද ඔහු කටයුතු කළේය.

ඔහු මේ වනවිට කොරොනා වසංගත මර්ධන ව්‍යාපාරය සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 04ක පමණ මුදලක් පරිත්‍යාග කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!