27.2 C
Galle

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

Published:

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අලි සබ්‍රි මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ජනතාව මැති ඇමතිවරුන්ගේ ගෙවල් වටකරන්න පටන් අරගෙන තිබෙනවා. මේ නිසා මගේ ගෙදර අයත් බියට පත්වෙලා ඉන්නේ. මට මේ මුදල් විෂය සම්බන්ධයෙන් දැනුම් නෑ කියලා අදහස් ඉදිරිපත් වුණා. ඉතින් සුදුසු පුද්ගලයෙක් පත්කරගන්න ඉඩ දීලා මම ඒ ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළා.”

Related articles

Recent articles

error: Content is protected !!