29.5 C
Galle

ගුවන් යානයක් දෙකට කැඩෙයි

Published:

හදිසි ගොඩබෑමක් අතරතුර ගුවන්යානයක් අනතුරට ලක්ව දෙකට කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනතුර සිදුව ඇත්තේ කොස්ටාරිකාවේ අගනගරය වන සැන් ජෝස්හි ජුවාන් සන්ටමරියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ය.

ලෝකය පුරා භාණ්ඩ බෙදාහැරීමේ සමාගමක් වන DHL සමාගමට අයත් බොයිං 757-200 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසි ගොඩබෑමක දී ගුවන් යානය ධාවන පථයෙන් පිටතට ලිස්සා ගොස් මේ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ගුවන් නියමුවා සහ නිලධාරියකු සුළු තුවාල ලබා ඇති අතර යානයේ අනෙකුත් කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නැත.

Related articles

Recent articles

error: Content is protected !!