24 C
Galle

තෙල් නැවෙනුත් කොමිස් ගන්න හැටි, බැසිල් හෙළිකරයි

Published:

මෙරටට ගෙන එන තෙල් නැව්වලින් කොමිස් ගන්නා පිරිසක් සිටින බව බැසිල් රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ හෙළිදරව් කර තිබේ.

ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ පසුගිය 04 වැනි දා අගමැති ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී ය.

මහින්දානන්ද අලුත්ගම‍ගේ සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ වචන හුවමාරුවක් අතරතුර බැසිල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර තිබේ. ඔහු කියා ඇත්තේ ඇමතිවරයා සහ සභාපතිවරයා මෙලෙස කොමිස් ගන්නා බවයි.

නමුත් මෙය රැස්වීමක දී පැවසුව ද ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් හෝ ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ගයක් හෝ මෙතෙක් දැනගන්නට නැත.

Related articles

Recent articles

error: Content is protected !!