30 C
Galle

“ජනාධිපති සමඟ සාකච්ඡාවේ වැදගත්කමක් නෑ. එතුමා එකඟ නෑ” – වාසු

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවේ විශේෂ වැදගත්කමක් නැති බවත් අන්තර්වාර පාලන රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ කරගත නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

පසුගිය සතියේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව කී එතෙක් ආණ්ඩුව සමඟ සිටි මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපතිවරයා අද (10) රාත්‍රී පැවැත්වූ සාකච්ඡාව අවසන් වී එළියට පැමිණෙමින් සිටි ඔහුගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාකච්ඡාවේ වැදගත් කමක් නැතත් හිතවත්කම දිගටම පවත්වාගෙන යාමේ අරමුණෙන් මේ රැස්වීම පැවැති බවයි.

ඔහු දක්වන අදහස් මෙතැනින්

Related articles

Recent articles

error: Content is protected !!