26.7 C
Galle

ගාලු කොටුව අසළ දී පාසල් සිසුවකු මුහුදේ ගිලී මරුට

Published:

මුහුදේ දිය නෑමට ගිය බද්දේගම පදිංචි පාසල් සිසුවකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (12) සවස මිතුරන් පිරිසක් සමඟ ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ දිය නෑමට පැමිණ මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම ඉනිමංකඩ පදිංචි 18 හැවිරිදි උසස් පෙළ සිසුවෙකි.

දියේ ගිලී ගොඩට ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හෙට (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරිමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!