30 C
Galle

මන්ත්‍රීවරු බිලී බා ගන්නවානම් සාකච්ඡා නැතැයි, ස්වාධීන පක්ෂ 11 කියයි

Published:

මන්ත්‍රීවරු බිලී බා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ශාන්ත බණ්ඩාර දුන් ඇමතිධූරය අහෝසි කරනතුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවත් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද (13) හවුල්කාර පක්ෂ 11 විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය දරණ ඔහු පවසන්නේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් තම පක්ෂය ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වූයේ රටේ උදාවූ අර්බුදකාරී තත්වය හමුවේ ඒ සඳහා විසඳුමක් ලබාගැනීමට බවයි. එයට විසඳුම් ලබා නොදී මන්ත්‍රීවරු බිලී බා ගැනීමට හිටපු මුදල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් උත්සාහ කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේ.

Related articles

Recent articles

error: Content is protected !!