26.2 C
Galle

“පොලිසිය ගිනි අවුළුවා, අහිංසකයන්ට වෙඩි තිබ්බා” – ඇසින් දුටු සාක්ෂි මෙන්න

Published:

රඹුක්කන උද්ඝෝෂණය විසුරුවා හැරීමේ උපායක් ලෙස පොලිසිය විසින්ම ගින්නක් ඇතිකර, උද්ඝෝෂකයන්ට පහරදීමේ සැළසුමක් ක්‍රියාත්මක කළ බව දැක්වෙන් වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

එම දර්ශන වීඩියෝ කරන පුද්ගලයා පවසන්නේ පොලිස් නිලධාරියකු පැමිණ ගිනි තබා දිව ගිය බවයි. මේ ගිනි තැබීමෙන් මොහොතකට පසු පිරිස විසුරුවා හැරීමට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් දෙදෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ උද්ඝෝෂකයන් විසින් ත්‍රී රෝද රථයකට සහ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගැනීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති බවකි.

නමුත් පහත ඇති වීඩියෝවේ එම ගිනි තැබීම කළේ පොලිස් නිලධාරියකු විසින් යැයි කෑ ගසමින් කියනු ඇසේ. එහි ශබ්දය හොින් ශ්‍රවනය කරන්න.

Related articles

Recent articles

error: Content is protected !!