25.5 C
Galle

කොග්ගල ඇඟළුම් කම්හලක ආහාර විෂ වී, කරාපිිටිය රෝහල පිරෙයි

Published:

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් මේ වනවිට එහි සිටි සේවක සේවිකාවන් 327ක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ බස් රථ 05කින් ඔවුන් රෝහලට රැගෙන එන ලද බවයි. තවත් පිරිස් පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ.

කුකුළු මස් සහිත ආහාරයක් මෙලෙස විෂ වී ඇති බව සැකකරයි.

ආසාත්මිකතාවලට ලක්වූ පිරිස රෝහලේ 14 සහ 15 වාට්ටුවලට ප්‍රථමයෙන් ඇතුළත් කළ ද මේ වනවිට සියලු වාට්ටුවලට ඔවුන් ඇතුළත කරමින් සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!