25.5 C
Galle

ඉන්ධන පෝළිම් නොතකා, තෙල් ගැසූ අධි සුඛෝපභෝගී ජීප් රථය (වීඩියෝ සහිතයි)

Published:

සිය ගණනක් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා පෝළිමේ සිටිය දී ඒ කිසිදු පෝළිමක් නොතකා පැමිණි අධි සුඛෝපභෝගී ජීප් රථයක් කඩුවෙල, කොතලාවල පට්ටියවත්ත ඉන්ධන පිරවුම්හළෙන් රුපියල් 14,002.00 ක ඉන්ධන ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.

එම අවස්ථාවේ දී ඉන්ධන ලබාගන්නා අයුරු ජංගම දුරකථනයකින් පටිගත කර ඇති අතර එහි දැක්වෙන්නේ කඩුවෙළ මහා නගර සභාවේ නගරාධිපතිවරයාගේ වාහනයට මෙලෙස ඉන්ධන ලබා දී ඇති බවයි.

දිගු ඉන්ධන පෝළිම් තිබිය දී පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන නගරාධිපතිවරයාගේ රථයට මෙලෙස ඉන්ධන පිරවීම පිළිබඳ ජනතාව දැඩි විරෝධයක් දක්වති.

Related articles

Recent articles

error: Content is protected !!