26 C
Galle

ගාල්ලේ ධීවරයෝ ආණ්ඩුකාර කාර්යාලය වට කරති

Published:

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තමන්ගේ  රැකියාව කරගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි පවසමින් ගාල්ල නගරයේ අද (20) උද්ඝෝෂණයක නිරත වූ ධීවරයෝ මේ වනවිට දකුණු පළාත් ආණ්ඩුකාර ‍ලේකම් කාර්යාලය වටකරගෙන සිටිති.

තමන්ට ඉන්ධන සහනාධාරයක් දෙන ලෙසත්, ගෑෂ් සහ විදුලි අර්බුදය වහාම විසඳන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. ආණ්ඩුවට එරෙහිව සටන් පාඨ කියිමින් ඔවුන් මේ වනවිට ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර කර ඇත.

ධීවරයන් අතරින් නියෝජිතයන් 10 දෙනකුට ආණ්ඩුකාර විලී ගමගේ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි ආණ්ඩුකාර ලේකම් කාර්යාල ප්‍රකාශකයකු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!