25.5 C
Galle

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයට දැඩි විරෝධයක් පළකරයි

Published:

ජනතාවට තම අයිතීන් වෙනවෙන් උද්ඝෝෂණය කිරීමට හිමිකමක් ඇති බවත්, එලෙස සාමාකාමී උද්ඝෝෂණයක යෙදුණු පිරිසකට අමානුෂික ලෙස පහරදීම හෙළා දකින බවත් ජාත්‍යන්තර මානව සංවිධාන අද (20) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිය‍ි.

ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතරකර දැමීමට රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද, ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයැයි ද එම සංවිධාන අවධාරණය කර සිටියි.

රඹුක්කන දී ඊයේ (19) සිදුවූ පොලිස් පහරදීමෙන් 05 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටීම හා ඉන් 05 දෙනකුගේ තත්වය බරපතලවීම සම්බන්ධයෙන්  කණගාටුවන බවත්, එම සිදුවීම තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!