26 C
Galle

පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

Published:

මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට අද (22) දහවල් 11.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන මෙලෙස කැඳවා තිබේ.

රඹුක්කන පැවැති උද්ඝෝෂණයේ දී ඇතිවූ කලබලකාරී තත්වය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසු මානව හිමිකම් නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ ර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාවෙන් පසු මානව හිමිකම් කොමිසම ද රජය වෙත නිර්දේශ ඉදිරිපත්කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!