26.8 C
Galle

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10ක්, සර්ව පාක්ෂික පාලනයක් සඳහා විපක්ෂයේ සහය ඉල්ලයි

Published:

ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සහය ලබාදෙන ලෙස ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනකු විපක්ෂයේ දේශපාලන නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ලෙස හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු විපක්ෂයේ සියළු පක්ෂ නායකයන්ට මෙම ලිපිය යොමුකර තිබේ.

කේ.පී.එස්.කුමාරසිරි, නීතිඥ උදයන කිරිඳිගොඩ, ලලිත් ‍එල්ලාවල, ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, අකිල එල්ලාවල, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල සහ දයාකාන්ත ගුණතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම ලිපිය යොමුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!