29.7 C
Galle

වැඩ වර්ජකයෝ, ගාලු නගරයේ උද්ඝෝෂණ කරති

Published:

වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නිරත වෘත්තිකයෝ රැසක් අද (28) දහවල් රජයට එරෙහි විරෝධතා සඳහා ගාල්ල නගරයට පැමිණිය.

මේ අතර තැපැල් සේවකයෝ, විවිධ බැංකුවල‍ සේවක සේවිකාවන්, පුද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සහ රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන්  ද විශාල පිරිසක් සිටියහ.

“ජන මතයට හිස නොනමන, මිනීමරු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යනුවන්, වෘත්තීය සමිති  සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

(සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

error: Content is protected !!