29.7 C
Galle

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට තාමත් නියෝග නෑ

Published:

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වසන්තා නවරත්න විසින් විවෘත අධිකරණයේ දී, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගය තවමත් පොලිස්පතිවරයාට ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නි‍හාල් තල්දූව පවසන්නේ එම නියෝගය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රඹුක්කන දී සිදු වූ වෙඩි තැබීම අතරතුර ඊට අණදුන් බවට සැකකරන, කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට ලැබුණු දුරකථන ඇමතුම් කුළුණු වාර්තා ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Related articles

Recent articles

error: Content is protected !!