29.7 C
Galle

සෙබළ බිරිඳක්, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Published:

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ටී 56 මැගසින් 03ක්, ජෙලට්නයිට් කූරු 08ක්, ටී 56 ජීව උණ්ඩ 184ක්, ඩෙටනේටර් 11ක්, හිස් උණ්ඩ කොපු ‍02ක්, අඩි 32ක් පමණ දිග සේවා නූල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාරියගේ සැමියා යුද හමුදා සෙබළෙකි.

කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් මෙම ගින අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Related articles

Recent articles

error: Content is protected !!