25.5 C
Galle

පාර්ලිමේන්තු පාරේ යකඩ වැටවල් සවිකරලා. සාමාන්‍ය ජනජීවිතයටත් බාධා

Published:

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා එක් මංතීරුවක් GI බට යොදා පාර්ලිමේන්තු වැට දක්වා ආරක්ෂාව වැඩිකර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන්ද අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර සමගි ජන බලවේගයේ විශ්වාස භංගයද ඊයේ (03) කතානායකවරයා වෙත භාරදුන්නා.

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක්ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related articles

Recent articles

error: Content is protected !!