24 C
Galle

ඉන්දියාවේ මන්ත්‍රීවරු පිරිසක් තම වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Published:

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා සහායවීමට තමිල්නාඩුවේ ඩී.එම්.‍කේ. පක්ෂයේ මන්ත්‍රීවරු තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීඹට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් විසින් පිහිටුවා ඇති මහජන සහන අරමුදලට ඩී.එම්.කේ. පක්ෂයේ ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු තම මාසික වැටුප පරිත්‍යාගකිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවේන ඩී.එම්.කේ පක්ෂය ඉන්දියානු රුපියල් කෝටියක් එම අරමුදලට පරිත්‍යාගකරන බව ද සඳුදා නිවේදනය කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!