26 C
Galle

“ආණ්ඩුවේ මළබත” බොරැල්ලේ දී සැකසූ අයුරු

Published:

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රටපුරා ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය අතරතුර කොළඹ බොරැල්ල මං සන්ධියේ දී “ආණ්ඩුවේ මළබත” පිසීම සිදුකෙරිණි.

මෙලෙස මළ බත් පිසීම රට පුරා ස්ථාන ගණනාවක සිදුකෙරිණි.

2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගැනීම සමරමින් ජනතාව වීදි බැස මහ මඟ කිරිබත් පිසූ අතර යළි 2020 දී වත්මන් ආණ්ඩුව බලයට පත්වීම ද මහ පාරේ කිරිබත් උයා සමරනු ලැබීය.

නමුත් ඉතාමත් කෙටි කාලයක දී ජනතාව වීදි බැස එම ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් මළබත පිසීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!