24 C
Galle

හර්තාලයට සහභාගී වූ රාජයේ නිලධාරීන්ගේ‍ තොරතුරු එකතු කරයි

Published:

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන හර්තාලයට සහය දෙමින් සේවයට වාර්තා නොකළ සහ සේවයට වාර්තා කළ නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සොයා බැලීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්දගේ නම සඳහන්ව අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක විසින් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අද (2022-05-06) දිනැතිව යවන ලද HA/02/22/01-V  නමැති ලිපියෙන් දැනුම් දී ඇත්තේ අද සේවයට වාර්තා කරන ලද සහ නොකරන ලද නිලධාරීන්ගේ විස්තර දහවල් 1.00ට පෙර අමාත්‍යාංශයට ලැබෙන්නට සළස්වන ලෙසයි.

ඒ සඳහා ඔහු විසින් මාණ්ඩලික නිලධාරීන් සහ මාණ්ඩලික නොවන නිලධාරින්‍ගේ තොරතුරු සඳහන් කිරීමට අවශ්‍ය ආකෘතියක් ද යොමුකර තිබේ.

එම ආකෘතිය අනුව සෑම කාර්යාලයක ම වර්තමාන නිලධාරීන් සංඛ්‍යාව, සේවයට වාර්තා කරන ලද නිලධාරීන් සංඛ්‍යාවව, අනුමත නිවාඩු මත සේවයට වාර්තා නොකරන ලද නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!