26 C
Galle

සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්

Published:

සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති තම තමන්ගේ කාර්යාල, වැඩබිම් සහ ආයතන පරිශ්‍රයන් තුළත් ඉන් පිටතත් මර්ධනකාරී ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සහ හදිසි නීතිය ඉවත්කරගන්නා ලෙසත් බලපෑම් කරමින් විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙනු ඇත.

මීට අමතරව 11 වැනි දා කොළඹ දී වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය සියලුම වෘත්තීය සමිති නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ සම්මේලනයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.

යළි පාර්ලිමේන්තුව රැස්වන 17 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රය අසළට සියලු වෘත්තීය සමිති නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් කැඳවා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ද අද (07) වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය පැවැත්වූ සාකච්ඡාවක දී තීරණය කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!