23.8 C
Galle

නයිජීරියාවේ සිට හදිසියේ ම ශ්‍රී ලංකාවට ආ ගුවන්යානය

Published:

නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාවට අද (10) අලුයම 3.40ට පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබෙන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ.

එම යානය මීට පෙර සැළසුම්ගත ගුවන් ගමන්වලට අයත් නොවන අතර අද සිදුවූ විශේෂ පැමිණීමකි. එය නැවත ආපසු යන දිනයක් ද සඳහන්ව නැත.

අප්‍රිකානු මහද්වීපයේ පිහිටි නයිජීරියාවේ ලාගෝස් ගුවන්තොටුපොළේ සිට පියාසැරිය ආරම්භ කළ BSC 4024 දරණ මෙම යානය නයිජීරියාවේ සිට සෘජුව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබූ අතර පසුව එහි දත්ත දක්නට ලැබුණේ නැත. යළි එහි දත්ත ලැබෙන විට යානය ඉන්දියාවට ඉහළින් ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබිණි. නමුත් මේ යානය නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර කිසිම ස්ථානයකට ගොඩබෑමක් සිදුකර නැත.

යානය කටුනායකට පැමිණ සුළු වේලාවකට පසු එහි ප්‍රතිග්‍රාහක දත්ත පද්ධතිය අක්‍රිය කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!