26.9 C
Galle

කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි

Published:

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇති විය.

අද අධිකරණ කටයුතු ආරම්භවීමෙන් පසු එම ස්ථානයේ දී සාමකාමී උද්ඝෝෂකයන් පිරිසක් නිතියේ සාධාරණත්වය ඉල්ලා නිහඬ උද්ඝෝෂණයක නිරතවිය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් තිදෙනා අධිකරණ භූමියට රැගෙන ආ අතර ගාලු මුව‍දොර ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටවුවක් ද පැවැත්වීමට නියමිතව තිබිණි.

නීතිඥ ජගත් කුලරත්න කියා සිටියේ සැකකරුවන්ගේ හිතවතුන්ට පොලිසිය අධිකරණ භූමියට ඇතුළුවීමට ඉඩ දි ඇති බැවයි. එය බරපතල සැකකට හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

උද්ඝෝෂකයන් පවසන්නේ එලෙස පැමිණි පුද්ගලයන් මෙම හඳුනාගැනීමේ පෙරට්ටුවට කිසිම සම්බන්ධයක් නැති බවයි. එම පුද්ගලයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් බලවත් සැකයක් ඇති බව ඔවුහු කීහ.

Related articles

Recent articles

error: Content is protected !!