25.4 C
Galle

ගිනි පෑගූ 25දෙනකු පිලිස්සී රෝහලේ

Published:

ස්විට්සර්ලන්තයේ උතුරු දිග අයු ප්‍රදේශයේ ගිනි අඟුරු මත ඇවිදීමේ චාරිත්‍රයක යෙදුනු 25 දෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ රෝහල් ගතකළ අය අතරින් 13දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

මීටර් කිහිපයක් දිගට ගිනි අඟුරු අතුරා ඒ මත පාවහන් නොමැතිව ඇවිදීම ලෝකයේ බොහෝ ප්‍රදේශ වල චාරිත්‍රයක් හෝ පූජා විධියක් ලෙස භාවිතා වේ.

පොලිසිය පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි. එම ස්ථානයේ භාවිතා කළ ගිනි අඟුරු සැකසීමේ ගැටලුවක් තිබේද නැතහොත් ඔවුන් ඒ මත ඇවිද ගියේ කෙසේද යන්න පැහැදිලි නොමැති බව ඔවුහු පවසති.

https://www.bbc.com/news/world-europe-61811157

Related articles

Recent articles

error: Content is protected !!