ඉදිරියේ දී රජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු නෑ

0
117

අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරු පත්නොකිරීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

අමාත්‍ය අමරවීර පවසන්නේ රජයේ ව්‍යාපෘති සඳහා දැනට ව්‍යාපෘති අධ්‍යක්ෂවරු 750කට වඩා වැඩි සංඛ්‍යාවක් පත්කර සිටින බවයි. ඇතැම් අධ්‍යක්ෂවරු කැපවී කටයුතු කළත් වැඩි දෙනෙක් ගැන සතුටුවිය නොහැකි යැයි ද හෙතෙම කීවේය.

“පරිසර අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 20ක් සඳහා අධ්‍යක්ෂවරු පත්කර තියෙනවා. නමුත් ඒ එකම ව්‍යාපෘතියකින්වත් රටට හෝ පරිසරයට ඵලදායී සේවයක් වෙන්නේ නැහැ. සමහර ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ඒ තනතුරුවලට ලබාදෙන පහසුකම් ලබාගන්නවා විතරයි. තමන්ට පැවරී තියෙන වගකීම ඉටුකරන්නේ නැහැ.” යැයි අමාත්‍යවරයා කීවේය.

මෙම ව්‍යාපෘති සඳහා දැනට පත්කර සිටින අධ්‍යක්ෂවරුන්ගේ කටයුතු පිළිබඳ විශේෂ සොයාබැලීමක් කරන බවත් අලුතෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරු සඳහා කිසිදු පත්කිරීමක් නොකිරීමට  රජය තීරණ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here