25.8 C
Galle

ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ

Published:

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ගාල්ල කොටුව මත දී ලබන 21 වැනි දා උදෑසන 7.30ට පැවැත්වීමට හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාල සැළසුම් කර තිබේ.

මෙම යෝගා වැඩසටහන ගාලු කොටුවේ ඔරලෝසු කණුව පිහිටි චන්ද්‍ර අට්ටාලය මත දී පැවැත්වේ.

#YogaForHumanity හෑෂ් ටැගය යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන් මාලාව මඟින් මිනිසුන්ගේ මානුෂීය ගතිගුණ වැඩිදියුණු කර ගැනීමට යෝගා හි දායකත්වය පෙන්වා දීමට කටයුතු කරයි.

ශ්‍රී ලාංකීය ජනතාවට ද මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වන ලෙස ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය ආරාධනා කර සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!