26.3 C
Galle

ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ සරණාගතයින් 18ක් මරුට

Published:

මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ පිරිසකගෙන් 18දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. විශාල පිරිසක් ස්පාඤ්ඤයේ උතුරු අප්‍රිකානු මායිම වන මෙලීලා වෙතින් ඇතුළු වීමට පැමිණ ඇති බවත් එහිදී සිදුවූ අනතුරු වලින් 18 දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් මොරොක්කෝ බලධාරීහු පවසති.

මිය ගිය අයගෙන් සමහරක් දේශසීමා මායිම් වැටක් මුදුනෙන් වැටී ඇති බව වාර්තාවේ.

මෙම ප්‍රදේශයේ සිකුරාදා(24) අලුයම ඇති වූ ගැටුම් වලින් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් සහ සංක්‍රමණිකයන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදී.

මාර්තු මාසයේදී ස්පාඤ්ඤය සහ මොරොක්කෝව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු එවැනි සමූහ තරණයක් සඳහා උත්සාහ කළ කළ පළමු අවස්ථාව මෙය වේ.

ස්පාඤ්ඤ නිලධාරීන් පවසන්නේ සිය ගණනක් මිනිසුන් දේශසීමා වැටවල් කපා ඇතුළු වීමට උත්සාහ කළ බවයි.

බොහෝ දෙනෙකුට බලහත්කාරයෙන් ආපසු හරවා යැවූ නමුත් 100 දෙනකු පමණ දේශසීමා තරණය කර පැමිණ ඇති බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ස්පාඤ්ඤයේ මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථාන වී ඇත.

https://www.bbc.com/news/world-africa-61934163

Related articles

Recent articles

error: Content is protected !!