28.7 C
Galle

අනුන්ගේ විවාහයකට තම නම ගාවා ඇතැයි කියමින් හිටපු ඇමති පොලිසි යයි

Published:

ඇඳිරිනීතිය පවතින කාලයේ දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වූ විවාහ උත්සවයකට තම නම ඈදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් අද පොලීසයට පැමිණිල්ලක් ගොනු කළේය.

ඇතැම් සමාජ මාධ්‍යවල ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවය මෙලෙස පැවැති බවට විස්තර පළ කෙරිණි. හිටපු අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් පවසන්නේ එම විවාහ උත්සවයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද (25) කියා සිටියේ කොළඹ හෝටලයක පැවැති එම විවාහ උත්සවය පොලිසිය මැදහත් වී නැවැත්වූ බවයි. ඇඳිරිනීතය අතරතුර මෙලෙස විවාහ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!