26.9 C
Galle

හමුදාවේ ගිනි අවියක් උද්ඝෝෂකයන් අතට

Published:

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ දී විරෝධතාකරුවන් විසින් යුද හමුදා ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් පැහැරගෙන ඇතැයි යුද හමුදාව විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ හමුදා සෙබළකුට පහර දීමෙන් තුවාල සිදුව ඇති අතර ඔහු සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ මැගසින් 02ක ජීව උණ්ඩ 60ක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇති බවයි.

තුවාල ලැබූ හමුදා සෙබළා වැල්ලවාය ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්ත අයෙකි. ඔහු මේ වනවිට‍ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මීට අමතරව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා රෝහල්ගත කර සිටියි.

බොරැල්ල පොලිසිය මේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!