25.4 C
Galle

දෙවැනි ටෙස්ට් තරඟය ජයගත් ශ්‍රී ලංකාව තරඟාවලිය සම කරගනී

Published:

ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුළු දඩයම හේතුවෙන් ලකුණු 261කට පකිස්තාන දෙවැනි ඉනිම සීමා වීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරඟයෙන් ලකුණු 246ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 508ක දැවැන්ත ඉලක්කය හඹා ගිය පකිස්තානු කණ්ඩායමේ දැවී ගිය කඩුළු 10න් 09ක් ම බෙදා ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය සමත්විය. සමස්ත තරඟයේ දැවීගිය පකිස්තාන කඩුළු 20න් 17ක් ම ඔවුන් දෙදෙනා විසින් බෙදාගෙන තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවත ම දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය දෙවැනි ඉනිමේ දී ලකුණු 117කට කඩුලු 05ක් දවා ගත්තේ තමන් සහභාගී වූ තරඟ 03 දී පන්දු යැවූ ඉනිම් 06න් 04ක දී ම කඩුළු 05ක් දවා ගනිමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දෙවැනි ඉනිමේ දී හිසරදයක් වූ පකිස්තානු නායක බාබර් අසාම් පන්දු 146කින් ලකුණු 81ක් ලබාගත්තේය. දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දිය හැකියැයි නම් දරා සිටින ෆාවඩ් අලාම් දුවද්දී දැවී ගියේය.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේදී ලකුනු 109 ක් වාර්තා කළ ධනංජය ද සිල්වා සම්මාන දිනා ගනිද්දී තරගාවලීයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 26, හසන් අලී 21, නවුමන් අලී 01, නසීම් ෂා (නොදැවී) 04, රමේෂ් මෙන්ඩිස් 47/5, ප්‍රභාත් ජයසූරිය 80/3, අසිත ප්‍රනාන්දු 62/1, ධනංජය ද සිල්වා 15/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 91.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 360 යි – (නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 15, අන්ජලෝ මැතිව්ස් 35, දිනේෂ් චන්දිමාල් 21, දිමුත් කරුණාරත්න 61, ධනංජය ද සිල්වා 109, රමේෂ් මෙන්ඩිස් (නොදැවී) 45, නසීම් ෂා 44/2, යසීර් ෂා 80/1, මොහොමඩ් නවාස් 75/2, අඝා සල්මාන් 41/1, නවුමන් අලී 54/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 77 කදී සියලු දෙනා දැවී ලකුණු 261 යි – (අබ්දුල්ලා ශෆීක් 16, ඉමාම් උල් හක් 49, බාබර් අසාම් 81, මොහොමඩ් රිස්වාන් 37, ෆාවඩ් අලාම් 01, අඝා සල්මාන් 04, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 27, හසන් අලී 11, නවුමන් අලී (නොදැවී) 00, නසීම් ෂා 18, ප්‍රභාත් ජයසූරිය 117/5, ර‌මේෂ් මෙන්ඩිස් 101/4)

Related articles

Recent articles

error: Content is protected !!