28.1 C
Galle

නිල නිවසේ ඉන්ධන රැස්කළ ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් පරිපාලන නිලධාරීන් උද්ඝෝෂණයේ

Published:

තම නිල නිවසේ ඉන්ධන රැස්කරගෙන සිටි ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් උතුරු පළාත් පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ඊයේ විරෝධතාවක නිරත විය.

රජයේ පරිපාලන සේවා නිලධාරීන් ඉල්ලා සිටින්නේ ඉන්ධන වංචාවකට හසුවූ සිය සඟයා බේරාදෙන ලෙසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල නිවසේ තිබී ඉන්ධන ලීටර 225ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පරිපාලන නිලධාරීන් පවසන්නේ එම පොලිස් නිලධාරියාට එරෙහිව විනයානුකූළ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මෙලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාත් පරිපාලන සේවා නිලධාරීන් පවසන්නේ ප්‍ර‍ාදේශීය ලේකම්වරයාගේ නිවසේ බා තිබුණේ හදිසි අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමට නියමිතව තිබූ ඉන්ධන ප්‍රමාණයක් බවයි. ඒවා අත්අඩගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගයක් ලබා නොගෙන බලහත්කාරයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල නිවසට ඇතුළු වී ඇති බවත් ඔවුන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!