26.7 C
Galle

සලමන් රූෂ්ඩි පිහි ඇණුමක් නිසා රෝහලට

Published:

ලොව සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට ගත්කතුවරයකු වන සල්මන් රූෂ්ඩි පිහි ඇණුමකට ලක්ව රෝහලග්ත කර ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ නිවයෝර්ක නගරයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ඔහු ‍දේශනයක් පවත්වමින් සිටිය දී එකවරම වේදිකාවට ගොඩ වූ පුද්ගලයෙක් රූෂ්ඩි හට පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසයි.

“The Satanic Verses” නමැති කෘතියක් රචනා කිරීම නිසා සටන් ඉස්ලාමීය සටන්කරුවන්ගේ තර්ජනය ඔහුට එල්ල වී තිබිණි. මේ හේතුවෙන් ඔහුට අප්‍රසිද්ධියේ ජීවත්වීමට ද සිදුවිය.

ඔහුට පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ගෙල තුවාල වි ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!