28.1 C
Galle

“රුහුණු කුමාරී” බූස්සේ දී පීලි පනී

Published:

බෙලිඅත්ත සිට කොළඹ බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රිය බූස්ස සහ රජ්ගම දුම්රිය ස්ථාන දෙක අතර රිල්ලඹ හන්දියේ දී පිලි පැන තිබේ.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ වෙනත් දුම්රිය ධාවනය මුළුමණින්ම ඇණ හිට ඇත. රිල්ලඹ හන්දියේ දුම්රිය හරස්මාර්ගයේ ද වාහන ධාවනය ඇණහිට තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රුහුණු කුමාරී දුම්රිය හැකි ඉක්මණින් පීලිගත කිරීමට කටයුතු කරන බවයි. එතෙක් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වාත් බෙලිඅත්තේ සිට කොළඹ දෙසට ධාවනය වන දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය දක්වාත් පමණක් ධාවනය කිරීමට සිදුවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

(ඡායාරූපය – සිසිර ජයසිංහ)

Related articles

Recent articles

error: Content is protected !!