26.7 C
Galle

පල්ලියේ යාඥාව අතර තුර සිදුවූ පිපිරීමෙන් 21දෙනකු මරුට

Published:

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් 33දෙනකු තුවාල ලබා ඇත.

සවස යාඥා මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව තිබේ. මියගිය අය අතර තුර පල්ලියේ ඉමාමි ද සිටින බව වාර්තා වේ. පොලිසිය පවසන්නේ ප්‍රහාරය පිටුපස සිටින්නේ කවරෙක් ද යන්න පැහැදිලි නොමැති බවයි.

පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත් කරගත් තලේබාන් සංවිධානය සිය ප්‍රබලතම සතුරා ලෙස සලකන අයි.එස්. සටන්කාමීන් සමග මේ වන විට දරුණු සටනක යෙදී සිටියි.

පසුගිය මාසය තුළ කාබුල්හි ප්‍රමුඛ ආගමික නායකයින් තිදෙනෙකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර අනෙකුත් නගරවල ද ඝාතන සිදු විය.

https://www.bbc.com/news/world-asia-62581102

Related articles

Recent articles

error: Content is protected !!