25.5 C
Galle

“රන් මහ සටන” ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟය ශාන්ත සෙබස්තියන් ජය ගනී

Published:

මොරටුව වේල්ස් කුමර හා ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදී ශිෂ්‍යන් විසින් සාජාහි ඊගල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 07 වැනි වරටත් සංවිධානය කල  “රන් මහ සටන”  ආදී ශිෂ්‍ය වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ලකුණු 25කින් ජයගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් ආදී ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් කණ්ඩායම පන්දුවර 20 තුල ලකුණු 156ක් ලබාගත් අතර එහි දී කණ්ඩායම වෙනුවෙන් මතිෂ පෙරේරා ලකණු 26ක්, රයන් ලකුණු 24ක්, ශේවෙන්ද්‍ර ප්‍රනාන්දු 23 ලබාගත් අතර වේල්ස් කුමර කණ්ඩායමේ සුපුන් සිල්වා පන්දුවාර 4ක් තුල ලකුණු 15ක් පමණක් ලබාදී කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල වේල්ස් කුමර කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 131ක් පමණි. එහිදී වේල්ස් කුමර ආදී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නායක ලහිරු ලකුනු 42ක්, චාමර මෙනේරිගම ලකුණු 30ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ශාන්ත සෙබස්තියන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජයශාන් පෙරේරා ලකුණු 24ක් පමණක් ලබාදී වේල්ස් කුමර ආදී ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු 3ක් දවාගැනීමට හැකිවිය.

Related articles

Recent articles

error: Content is protected !!