24.7 C
Galle

රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ පිරිස නිදහස් කරයි

Published:

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනා නිදහස් කිරීමට අද (11)  ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්විය. එහි දී විත්තිකරුවන් 7 දෙනෙක් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඉකුත් මැයි මාසයේදී එක් විත්තිකරුවෙකු වූ ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය. ඔහු වසර 30ක කාලක් සඳහා බන්ධනාගාරගත කර සිටියේය.

එලෙස නිදහස ලැබීමෙන් පසු පෙරරිවාලන් විසින් ගොනුකරන ලද පෙත්සමක් සැළකිල්ලට ගනිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අද (11) නිකුත් කළේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ තමන්ට ලැබී ඇති සහනයට සමාන සහනයක් අනෙක් සැකකරුවන්ට ද ලැබිය යුතු බව සඳහන් කරමින් ඒ.ජී පෙරරිවාලන් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!