28.1 C
Galle

හිරුණිකා අත්අඩංගුවට

Published:

පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගත්තාට එරෙහිව අද (14) කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කර තිබූ විරෝධතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ගොස් එතැන් සිට මල්පාර දෙසට ගමන්කරමින් සිටිය දී එහි සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස කාන්තාක් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතවූහ. එම අවස්ථාවේ දී පොලිසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!