25.6 C
Galle

මහනුවර ජලයෙන් යට වෙයි. දුම්රිය සහ වාහන ධාවනයට බාධා

Published:

මහනුවර ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථාන ඇතුළු නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වී ඇත.

දුම්රිය අංගනය ද සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී ඇති බැවින් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය සඳහන් කෙළේය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඊයේ (24) රාත්‍රී සිට මහනුවර ප්‍රදේශයට පතිත වූ මහ වැස්ස තවමත් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වසයි.

(ඡායාරූප අන්තර්ජාලයෙනි – මුල් අයිතිකරු දන්නේ නැත)

Related articles

Recent articles

error: Content is protected !!