27.8 C
Galle

රසායනික පොහොර තහනමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

Published:

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා වැරදි උපදෙස් දී කළ හානිය වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදල් ලබාදෙන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (07) ඉල්ලා අස්කරගනු ලැබීය.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයකු වූ එරංග වැලිඅංග ඇතුළු පිරිසක් විසිනි.

ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (07) කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන කියා සිටියේ පෙත්සම ඉල්ලා අස්කරගන්නා බවයි.

පෙත්සම ඉල්ලා අස්කරගැනීමෙන් පසු එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසකි.

Related articles

Recent articles

error: Content is protected !!