25.5 C
Galle

හිටපු අගමැතිට වරෙන්තු. රූපවානී නාලිකාත් තහනම් කරයි

Published:

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛරී ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් පකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඔහුට සියලුම රූපාවහිනී නාලිකා සඳහා තහනමක් පනවා තිබේ.

ඉම්රාන් ඛාන්ගේ වත්කම් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් විභාග කිරීමට නොපැමිණියේ යැයි පවසමින් ඔහුට වරෙන්තුවක් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්වාසභංගයෙන් පරාජයට පත්වී අග්‍රාමාත්‍යධූරය අහිමිවීමෙන් පසු හිටපු අගමැතිවරයා දිගින් දිගට ම රූපවාහිනී නාලිකාවල දී වෛරී ප්‍රකාශ සිදුකරන බවට ඔහුට චෝදනා කර තිබේ.

ඉම්රාන් ඛාන් ගේ වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අගතියක් සහ මහජන සාමයට බාධාවක් විය හැකි බැවින් පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. .

Related articles

Recent articles

error: Content is protected !!