27.5 C
Galle

වැඩ වර්ජනයේ තත්වය

Published:

වෛද්‍ය, හෙද, වරාය, විදුලි, අධ්‍යාපන, තැපැල්, දුම්රිය, බැංකු ඇතුළු විවිධ වෘත්තීයන් හි අද (15) ක්‍රියාත්මක වන වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ රජයේ කාර්යාලවල දක්නට ඇත්තේ ඉතා පාළු ස්වභාවයකි. පාසල්වලට දරුවන් පැමිණ නැත. උදෑසන පාසල්වෙත පැමිණි දරුවන් කිහිප දෙනකු ද හැරී යනු දක්නට ලැබිණි.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු සංශෝධනයට, විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව සහ ජීවන වියදම් දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය දියත් කර ඇත.

ගුරු සහ විදුහල්පති සංගමය පවසන්නේ රටේ සියලුම පාසල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි. ඊට විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද එක්ව සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද වෛද්‍ය, හෙද, රසායනාගාර සේවය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වර්ජනයට එක්ව සිටින අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වර්ජනයේ නිරත වෙයි.

මහ බැංකු සේවකයන් ද, වරාය සේවකයන් සහ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු ඇතුළු සේවකයෝ ද වර්ජනයට සහය දක්වමින් සේවයෙන් ඉවත්ව සිටිති.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපපයක් වැඩ වර්ජනයෙන් ඉවත්ව සිටිය අද කාර්යාල ප්‍රවාහන දුම්රිය ධාවනය වූයේ 20ක් පමණි. ඒ හේතුවෙන් කොළඹට පැමිණෙන පුද්ගලයන්ට දැඩි අපහසුතා අත්විඳීමට සිදුවුව ද පැමිණෙන පිරිසේ ද විශාල අඩුවක් දක්නට හැකිවිය.

Related articles

Recent articles

error: Content is protected !!