29.7 C
Galle

මිදිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published:

මාතර දිස්ත්‍රික්කයේ මිදිගම ප්‍රදේශයේ දී අවන්හළක හිමිකරුවකුට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. අද (30) අලුයම ‍ඔහු තම අවන්හළ ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලාගොස් ඇත.

තුවාලකරු මාතර රෝහලට ඇතුළත් කළ පසු අද උදෑසන මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් වෙඩි තැබීම සඳහා පැමිණි වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!