25.5 C
Galle

නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?

Published:

ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ (09) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 6,000කට වැඩි පිරිසක් හඳුනා ගැණිනි.

මේ හේතුවෙන් එරට රෝහල්වල කොරෝනා වසංගතයට මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම් සිදුකරන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන XBB.1.16 නමැති වයිරසය හේතුවෙන් නැවත කොරෝනා වසංගතය ඉන්දියාවේ හිස ඔසවමින් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

2021 වසරේදී ඉන්දියාව තුළ කොවිඩ් වේගයෙන් පැතිර ගිය අතර බොහෝ ප්‍රදේශවල ඔක්සිජන් හිඟ වීම හේතුවෙන් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් මියගියේය.

Related articles

Recent articles

error: Content is protected !!