25.5 C
Galle

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි

Published:

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ් සහ ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහමඩ් යන දෙදෙනාය. මාධ්‍යවේදියකු සහ පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම දේශපාලනඥයා අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛ්‍යාවකට චෝදනා ලැබ සිටි අයකු බවයි.

පොලිසිය සහ මාධ්‍යවේදීන් බලා සිටිය දී ම පිස්තෝලයකින් ඔවුන්ට වෙඩි තබා ඇති අතර එය සජීවී ව විකාශය වී තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබූ පුද්ගලයා ඇතුළු 03 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි.

Related articles

Recent articles

error: Content is protected !!