29.4 C
Galle

එජාප මැයි රැළියට රනිල් නෑ. කතාව Zoom ඔස්සේ

Published:

එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

“2048 ජයගමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළියට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියේ නැත. එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැළිය ජනාධිපතිවරයා විසින් අමතන ලද්දේ Zoom යෙදුම ඔස්සේය.

ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සිය කතාවේ දී කීවේය.

Related articles

spot_img
error: Content is protected !!