24.1 C
Galle

කළුතර සිසුවියන් කෙළසූවා යැයි අත්අඩංගුවට ගත් ගුරවරයා රිමාන්ඩ්

Published:

උපකාරක පන්තිවලට පැමිණි සිසුවියන්ට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය අද (12) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද ගුරුවරයා අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඇති බව කියූ පොලිසිය ප්‍රකාශ කර සිටියේ ඔහු බන්ධනාගාරගත කර මානසික වෛද්‍යවරියක වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව ඔහු ලබන 15 වැනි දා මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට ද අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ තම සේවාදායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!