27.9 C
Galle

පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාව මහ මඟ දී මියගිහින්

Published:

පානදුර පොලිසිය විසින් ඊයේ (24) රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ ම මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මි‍යගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිණී නමැති  52 හැවිරිදි කාන්තාවකි.

ඇය නීති විරෝධී මත්පැන් අළෙවි කරන බව පවසමින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඊයේ (24) රාත්‍රී ඇගේ නිවස වටලා නීති විරෝධී මත්පැන් සමඟ ඇය අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීප වූ බැවින් පවුලේ ඥාතීන් කැඳවා රෝහලට රැගෙන යන ලෙස දැනුම් දුන් බවත් රෝහල්ගත කරන විටත් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Related articles

Recent articles

error: Content is protected !!